පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ද පළාත් සභා හා පළාත් පාලන අංශයේ සියලුම නිලධාරීන්ගේ මියගිය ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් ද මෙම කාර්යාල පරිශ්‍රයේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය පවිත්‍රතා සේවිකාව වෙනුවෙන් ද බෞද්ධාගමානුකුලව පින් පැමිණවීම උදෙසා ද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලුම රෝගීන්ට ඉක්මන් සුවය පතා ආශිර්වාද කිරීම වෙනුවෙන් ද මෙම අමාත්‍යාංශ පරිශ්‍රයේ සේවයේ නියුතු සියලුම නිලධාරින්ට , රටේ ආරක්ෂාව භාරව කටයුතු කරන සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරින්ට සහ රටට සෙත් පැතීම වෙනුවෙන් දානමය පින්කමක් 2019.05.24 වන සිකුරාදා දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ දී පවත්වන්නට යෙදුණි.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජේ. සී. අලවතුවල මැතිතුමන්, රාජ්‍ය ලේකම්වරුන් ලෙස කටයුතු කරන එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මැතිතුමන්, එස්. ගොඩකන්ද මැතිණිය සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහභාගි විය. 

danaya 1   danaya 3JPG   danaya 7JPG
         
danaya 5JPG   danaya 6JPG   danaya 9JPG
         
danaya 14JPG   danaya 15JPG