අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් මාතලේ දිස්ත්‍රික් ග්‍රාමීය පවුල් 10502 ක් සඳහා පානීය ජලය ලබාදීම උදෙසා රුපියල් ලක්ෂ 21330 ක වියදමින් කිලෝමීටර් 525 ක දුර ජලනල ස්ථාපිත කිරීම මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී මාර්තු මස 20 වන දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාවට සම්බාවනීය අමුත්තන් හා ප්‍රදේශයේ මහජන නියෝජිතයින් රැසක් සහභාගී විය.
අදාළ උප ව්‍යාපෘතින් පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත.
   

   

          

ආවරණය වන ප්‍රදේශය                    

වියදමරු.ලක්ෂ        

ප්‍රතිලාභ පව්‍රල් ගණන           

ජලනල පද්ධතියේ දිග

01 ගලේවෙල ප්‍රදේශ සහ තිත්තවැලගොල්ල ප්‍රදේශය  6610 3376 කි.මී. 138
02 සීගිරිය ප්‍රදේශය සහ හබරණ ප්‍රදේශය 4150 1432 කි.මී. 114
03 ඉනාමළුව ප්‍රදේශය සහ කිතුල්හිටියාව ප්‍රදේශය 4920 2381 කි.මී. 119
04 දඹුල්ල ග්‍රාමීය ප්‍රදේශ සහ කණ්ඩලම ප්‍රදේශය 5650 33133 කි.මී. 154

 

 

 එකතුව

21330 10502 කි.මී. 525

 

  • දඹුල්ල බුලාගල හන්දිය අසල පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම

DSC 0422   DSC 0441   DSC 0449
 

  • දඹුල්ල කිඹිස්ස පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම

DSC 0219   DSC 0233   DSC 0292

 

  • දඹුල්ල දඩුයාය පන්සල අසල පානීය ජල නල පද්ධතිය ස්ථාපිත කිරීම

DSC 0028   DSC 0057   DSC 0074