මතින් නිදහස් රටක් වෙනුවෙන් "බක් මහ දිවුරුම"
අතිගරු ජනාධිපතිතුමන්ගේ තිරසර සංවර්ධන සංකල්පය යටතේ ක්‍රියාත්මක මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුමකරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා කැපවන බවට රටම එක්ව දිවුරුම් දුන් “බක්මහ දිවුරුම” 2019 අප්‍රේල් 03 දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.
ඒ හා සමගාමීව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, පළාත් සභා හා පළාත් පාලන අංශයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශ පරිශ්‍රයේ දී බක්මහ දිවුරුමට එක්විය.