උතුරු පළාතේ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම හා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම

අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.02.14 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් සහභාගී විය.

DSC 2740     DSC 2718     DSC 2707

 

මෙම විශේෂ වැඩසටහනට සමගාමීව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද යාපනය චුල්ලිපුරම් නිල්ලියාන් පාලම විවෘත කිරීම සිදු කරන ලදී.

IMG 20190214 152734     IMG 8298